Pages

Tuesday, May 22, 2012

වඩේ සුදා පෝරකයට

මීරිගම විල්වත්තේ රූමතිය ඝාතනය කළ

වඩේ සුදා පෝරකයට

තවත් චෝදනා 2කට වසර 30ක සිර දඬුවම් හා රු. 15,000ක දඩ
නිශානි බුද්ධිකා
රටපුරා මහත් ආන්දෝලනයට තුඩු දුන් මීරිගම විල්වත්ත ප්‍රදේශයේදී මීට වසර හයකට පමණ පෙර තරුණියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය ඊයේ (21) මරණ දණ්ඩනය නියම කළා ය.
‘වඩේ සුදා’
ඊට අමතරව විත්තිකරුට චෝදනා දෙකකට වසර තිහක බරපතළ වැඩ සහිත සිර දඬුවම නියම කළ අතර එකී චෝදනා දෙකට රුපියල් පහළොස් දහසක දඩයක් ද මහේස්ත්‍රාත්වරිය විසින් නියම කෙරිණි.
දඩ මුදල නොගෙවන්නේ නම් වසරක සිර දඬුවමක් ද මහේස්ත්‍රාත්වරිය විසින් ්නියම කෙරිණි.
සිද්ධියට අදාළව මරණීය දණ්ඩනය නියම කෙරුණේ, වනසිංහ ආරච්චිගේ සමන්ත තිලකසිරි නොහොත් ‘වඩේ සුදා’ නමැත්තාටයි.
සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ ස්ටීවන් කෝරළාගේ දොන් නිශානි බුද්ධිකා (26) නමැත්තියයි.
වසර 2006 - 11 -03 දින මීරිගම විල්වත්තේ දී මෙම තැනැත්තිය දූෂණය කිරීම, ඇය සතු රන් ආභරණ කොල්ල කෑම සහ ඇයව ඝාතනය කිරීම සිදු කර ඇති බවට අධිකරණයට අනාවරණය විය.
නීතිපති උපදෙස් අනුව මෙම නඩුව ගම්පහ මහාධිකරණයේ දී 2012 - 02 - 10 දින ආරම්භ විය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ දම්තිනී ද සිල්වා මෙනෙවිය පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ ශ්‍රී කාන්ත මහතා පෙනී සිටියේ ය.
 දිනමිණ 22 මැයි 2012

.

No comments:

Post a Comment