මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවන්ට ජීවිත සමාව සහ විසි
අවුරුදු සිරදඬුවම යළිත් ක්‍රියාත්මක කිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක්
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මගින් අධිකරණ අමාත්‍යංශයට
ඉදිරිපත් කර ඇත.
මේ දඬුවම් යළි සංශෝධන තුළින් ක්‍රියාත්මක කිරීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා කමිටුවක් පත් කළ අතර එම කමිටු වාර්තාව මෙසේ ඉදිරිපත් කර ඇත.
මේ යෝජනා ඇතුළත් කමිටු වාර්තාව අධිකරණ අමාත්‍යංශය මගින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කෙරෙන අතර ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ලබාදෙන තීන්දුව මත දඬුවම පෙර තිබූ පරිදි ක්‍රියාවට නැංවෙයි.
වර්ෂ 1976න් පසු මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවූ අතර එයින් පසු මරණ දණ්ඩනයට නියම වූවන්ද ජීවිතාන්තය දක්වාම බන්ධනාගාරගත කර තැබිණි.
මරණ දණ්ඩනයට නියමවූවන් යහපත් කල්ක්‍රියාවෙන් බන්ධනාගාර තුළ කල් ගත කිරීමේදී ඔවුනට ජනාධිපතිවරයාගේ අවසරය මත ජීවිත සමාව හිමිවිය.
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූවන් යහපත් කල්ක්‍රියාවෙන් බන්ධනාගාරය තුළ කටයුතු කිරීම තුළ එම දඬුවම 20 අවුරුදු කාල සීමාවේ සිට 10 අවුරුදු කාල සීමාව දක්වා වන නීති ක්‍රමයක් එතැන් පටන් ක්‍රියාත්මක විණි.
එහෙත් වසර 2002 දී මේ ක්‍රමය අහෝසි කළ අතර එයින් පසු මේ වර්ගයේ රැඳවියන්ට ජීවිත සමාව හෝ දඬුවම් කාල සීමා ලිහිල් කිරීමක් සිදු නොකෙරිණි.
මේ වනවිට වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාර තුළ මරණ දණ්ඩනයට නියමවූ රැඳවියෝ 355 ක් සිටින අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූවන් 243 දෙනෙක් සිටියි.
Dinamina 2012 April 26th

No comments:
Post a Comment